ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා සම්බන්ධයෙන් දෙරණ අරුණ වෙබ් අඩවිය පලකර ඇති ප්රවෘත්ති අසත්‍යක් බව සංස්ථාව පවසයි.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් සිදුකොට ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබඳ www.aruna.lk වෙබ් අඩවිය පළකර තිබු ප්‍රවෘත්තිය සම්බන්දයෙන් කල සොයබලිමදී එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවට අප හට තහවුරු කරගත හැකි විය.
ජාතික ගුවන් විදුලිය මෙම පිළිබඳ අරුණ වෙබ් අඩවියේ පලවූ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්දව බලවත් විරෝධය පලකරන බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා ප්රවෘත්ති වෙබ් අඩවියේ ( www.slbcnews.lk ) ප්‍රවෘත්තියක් පළකරමින් ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා වෙතින් හෝ ගුවන්විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතා වෙතින් විමසීමට අරුණ වෙබ් අඩවියට මාධ්‍ය සදාචාරයක් නොවීම කණගාටුවට කාරණයක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Be First to Comment