තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසිනුයි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ.
ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. ඩබ්ලිව්. බී. ජී. ආර්. කන්දෙවත්ත එම කොට්ඨාශයේ කොට්ඨාශ භාර නිලධාරීවරයා ලෙසට ස්ථාන මාරුකර තිබෙනවා.
එමෙන්ම ඇමති ආරක්ෂක කොට්ඨාශයේ සිටි සහකාර පොලිස් අධිකාරී බී. එම්. එස්. බී. නවරත්න කෑගල්ල කොට්ඨාශය වෙත ද මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ.
Be First to Comment