Press "Enter" to skip to content

කටුවාපිටිය – ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද විශේෂ සැමරුමක්

Share Button

පාස්කු ඉරිදා ඛේදවාචකයට අදට වසර 3ක්  සපීරීමත් සමග ඉන් මිය ගිය පුද්ගලයන් සිහිකිරීම වෙනුවෙන් ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය – ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද අද පස්වරුවේ විශේෂ සැමරුමක් සිදු කෙරුණා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයෙන් තෙවර්ෂ පූර්ණයේ ප්‍රධාන සැමරුම අද පෙරවරුවේ පැවැත්වුනේ ප්‍රහාරයට ලක්වූ තවත් දේවස්ථානයක් වන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදියි.

ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී මිය ගිය පිරිස සිහිකරමින් පහන් දල්වනු ලැබුවා.

මීට අමතරව ප්‍රහාරයට ලක්වූ මඩකලපුව – සියෝන් දේවස්ථානයේ දීද සැමරුමක් සංවිධාන කර තිබුණා.

එමෙන්ම, මෙම ප්‍රධාන සැමරුමට සමගාමීව පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් අද පෙරවරු 8 යි 45 ට දිවයින පුරා සෑම දේවස්ථානයකම සීනුව නාද කරමින් දේව මෙහෙයන් පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම වින්දිතයන්ට සාධාරණය ඉටුකරමින් ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.

එහි ප්‍රධාන විරෝධතාවයේ අද පස්වරුවේ පැවැත්වුණේ මීගමුව නගරයේදීයි. කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට සිට විරෝධතාකරුවන් පාගමනින් මීගමුව නගරය මධ්‍යය දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත වීමටයි කටයුතු කළේ.

එමෙන්ම, කටුවාපිටිය නගරයේදී කලු ඇදුමින් සැරසී ජාතික ජනබලවේගය විරෝධතා පාගමනක් පැවැත්වූයේ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

එසේම, පාස්තු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් අද පාර්ලිමේන්තුවේදීද විනාඩියක නිශ්ෂබ්දතාවයක් සිදු කළා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published.