පාස්කු ප්රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වෙළුම් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඵලක් නොවන බවත්, මෙම වෙළුම් අධිකරණ ක්රියාමාර්ග ගැනීමට පෙර ඉදිරිපත් කිරීමට තිබූ අතර, අදාළ නඩුවෙන් විත්තිකරුවන් නිදහස් වී අවසන් බවත් විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
නීතිපතිවරයා කොමිෂන් සභා වාර්තාව අනුව නඩු පැවරීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුව තෝරා බේරා ගනිමින් නඩු පැවරීම් සිදු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (23දා) පාර්ලිමේන්තුවේ පැවැති වර්තමානයේ රටේ තිබෙන ප්රශ්න සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එනු ලැබූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
මේ අතර වර්තමානයේ රටේ පවතින ප්රශ්න සඳහා වර්තමාන ආණ්ඩුවට විසඳුම් නොමැති බවත්,ඒ අනුව තවදුරටත් රට විනාශ නොකර මැතිවරණයකට යන ලෙස ආණ්ඩුවට පවසන බවත් සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ඊයේ පාස්කු ප්රහාරයේ වෙළුම් ගණනාවක් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. මේ වෙළුම් දෙන්න තිබුණේ අවුරුද්දකට කලින්. දැන් වෙළුම් දීලා වැඩක් නෑ. ඒක දෙන්න ඕන නඩුව දෙන්න කලින්. දැන් නඩුවලින් විත්තිකාරයන් නිදහස් වෙනවා. දැන් වෙළුම් මොකටද? මේකේ වටිනාකම තිබෙන්නේ බෝතල් කාරයෙකුට විතරයි.
මේක මේ ඇඟ බේරගන්න කරපු එකක්. නීතිපතිවරයා ජනාධිපති පරීක්ෂණ වාර්තාව අනුව නඩු දාන්නේ නැතිනම් ආණ්ඩුව තෝරා බේරාගෙන නඩු දාන්නේ. ආණ්ඩුවට හිතවත් අයට නඩු දාන්නේ නෑ. ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට නඩු දානවා. මම රජයට කියනවා මේ රට විනාශ කරන්නේ නැතිව මැතිවරණයක් තියන්න කියලා. දැන් හිටියා ඇති. ආණ්ඩුවට ප්රශ්නවලට උත්තර නෑ. උත්තර තියෙනවා නම් රට පාලනය කළාට කමක් නෑ”
Be First to Comment