Press "Enter" to skip to content

ජනාධිපතිට රට පාලනය කරන්න බෑ…

Share Button

ගෝටාභය රාජපක්ෂ මහතාගෙ ආර්ථිකය පිලිබද නොහැකියාව එදා පුවත් පත් සාකච්ඡාවෙදී හෙලි උනා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’ විපක්ශ නායක කාර්යාලයෙදි මාද්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහත මෙම අදහස් පල කර සිටියේය.

‘ආර්ථිකය මෙහෙයවන්න පලපුරුද්ද තියෙන්න ඕනේ.පාර්ලිමේන්තුවේ හැම අමාත්‍යාංශයකටම කාර්්‍ය සාධක බලකායක් පත්කරලා. ඇමතිවරුන්ට වැඩක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක වුනාට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා.දේශීය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා හිටියා.අවසානයේ ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා ආර්ථීකය ගැන නමුත් උත්තර දුන්නද ? සිරස ලක්ෂපති එකේ ලයිෆ් ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයිෆ් ලයින් එකක් ඉල්ලුවා.

ආර්ථිකය ගැන ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ? නමුත් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published.