ඊයේ දිනයේදී විපක්ෂයට කාලය අහිමි වීමක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමත් සමඟ උණුසුම් සංවාදයක් හටගත්තා.
ඊට කථානායකවරයා මෙන්ම සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී. අලවතුවල, මනූෂ නානායක්කාර සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මැදිහත් වුණා.
මේ අතර, මෙම ගැටලුව හා වෙනත් ගැටලු කිහිපයක් ම සාකච්ඡා කිරීම සඳහා අද ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පස්වරු 6.30ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එම රැස්වීම පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධව සහ පවතින දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරෙනු ඇති බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කළේ.
Be First to Comment