Press "Enter" to skip to content

භුමිතෙල් ලිප් මිලත් ඉහළට

Share Button

ස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තමන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිළිගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව එම පරීක්ෂණය සිදුකළ බවත්, වෙනත් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අදාළ නොවන බවයි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය පිරිපහදු කළමනාකරු කේ.ජී.එච්.කෝදාගොඩ කියා සිටියේ.

ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වීමෙන් පසු පාරිභෝගික අධිකාරිය වෙළඳපොලෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාර වෙත පසුගියදා යොමුකළ අතර, එහිදී හෙලි වී ඇත්තේ මේ වනවිට වෙළඳපලේ අලෙවි වන ගෑස් සිලින්ඩරවල සංයුතියේ ගැටලු පවතින බවයි.

කෙසේ වෙතත්, අදාළ වාර්තාව පිළිනොගන්නා බවත් විදේශ රටක රසායනාගාරයක මෙය පරීක්ෂණයට ලක් කළ යුතු බවත්, ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ලිට්රෝ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ගෑස් ආශ්‍රිත සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කමිටුවේ සාමාජිකයින් අද (02) පොලීසිය සමග එක්ව බස්නාහිර පළාතේ පිපිරීම් වාර්තා වූ කොට්ටාව, අතුරුගිරිය සහ හංවැල්ල, පාදුක්ක ප්‍රදේශවල නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකළා.

කමිටු සාමාජිකයින් හා පොලිසිය අද එලෙස නිවාස පරීක්ෂා කළද අද දිනයේත් ගෘහස්ථ ගෑස් ආශ්‍රිත අනතුරු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

මේ අතර, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් අද කොළඹ වරායට ගෑස් රැගෙන පැමිණි නෞකාවක සාම්පල ලබා ගැනීම සිදුකර තිබෙනවා.

එය මුද්‍රා තැබීමෙන් අනතුරුව රසායනාගාර පරීක්ෂාවට ලක් කරන බවයි එම අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ගෑස් ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් තමන්ද බියට පත්වී ඇති බවයි අද පැවති උත්සව කිහිපයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ප්‍රකාශ කළේ.

ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වන පසුබිමක මේ වනවිට පිටකොටුව ආශ්‍රිතව භූමිතෙල් උඳුන් අලෙවිය ඉහළ ගොස් ඇති අතර, ගෑස් සිලින්ඩර සහ උඳුන් අලෙවිය පහත වැටී තිබෙනවා.

එසේම, භූමිතෙල් උඳුන්වල මිල ද සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *