Press "Enter" to skip to content

මම වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නගින්න කිසිම නළුවෙක්ට නිළියක්ට ආරාධනා කලේ නෑ

Share Button

සිනමාවට ඇය ආදුනික නැත. කලාව කියන දේ උපතින්ම ගෙනා ඇය නමින් ගීතා සමන්මලි කුමාරසිංහ. 2015 ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යන ඇයට ඇත්තේ දිගු කාලින දේශපාලන අතිත කතාවකි. ඇය මෑතකදි ආණ්ඩුවට දැඩි විවේචන පවා එල්ල කලා. ඉතින් අපි මේ සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි. ගීතා කුමාරසිංහ මේ දිනවල කලකිරිමෙන්ද කතා කරන්නේ, ”හෘද සාක්ෂියට එකඟව කියනවනම් මම ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්නේ. හොදටම කලකිරිලා. තිත්ත වෙලා. මොකද මම රහත් වෙලා නෑනේ.”

දුක් මහන්සියෙන් හදාගත්ත ආණ්ඩුව ගැන ඇය කලකිරිලා ඉන්නේ. “මම මේ ආණ්ඩුවට ආවේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම වසර 12 දේශපාලනය කරනවා. මම මේ රටේ මන්ත්‍රි කෙනෙක් වුන එකට ගෞරවයට වඩා අගෞරවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මට කලකිරිමක් දැනෙනවා. මම ප්‍රතිපත්තිගරුක දේශපාලනඟදවරියක්. පාර්ලිමේන්තුවට ගිය ගාල්ලේ එකම කාන්තා නියෝජනය මම. මම ඒ ගැන සතුටු වෙනවා.”

ඔබට ලැබෙන දේශපාලන වරප්‍රසාද ගැන සෑහිමකට පත් වෙනවද? “මම දේශපාලනයෙන් කිසි දෙයක් අයුතු ලෙස ප්‍රයෝජනයට අරගෙන නෑ. මම හැමදේම කැප ⁣කලේ ජනතාව වෙනුවෙන්. දේශපාලනය කියන්නේ මගේ පවුල නඩත්තු කරගන්න එක නෙවෙයි. මම මගේ ජිවිතය හොදට ගෙවනවා. මගේ ව්‍යාපාර මට තියෙනවා. ඉතින් ම⁣ට ජිවිත් වෙන්නඒ දේවල් ඇති.”

මැතිවරණ වලින් පස්සේ නළු නිලියන්ට තැනක් තියෙනවද? “ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. හැබැයි නළු නිළියන්ට දෙයක් කරගන්න දේශපාලන කාලයට හදවත පවා ගලවලා දෙන විදිහට කතා කරන්නේ. හැබැයි ඊට පස්සේ සමහරු ෆෝන්පවා ආන්සර් කරන්නේ නෑ.”

ඔබත් දේශපාලනයට නළුනිලියන් පාව්ච්චි කලාද? “අපොයි නෑ. මම වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නගින්න කිසිම නළුවෙක්ට නිළියක්ට ආරාධනා කලේ නෑ. ම⁣ගේ නළු නිලියෝ මැතිවරණ වැඩ කරද්දි මම අම්මාකෙනෙක් වගේ ඒ අයට උපදෙස්දුන්නා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *