Press "Enter" to skip to content

නිවුන් දරුවන් දෙදෙනකුගේ මවක් වූ සුරූපී නිලි ප්‍රීති සින්ටා

Share Button

නිවුන් දරුවන් දෙදෙනකුගේ මවක් වූ සුරූපී නිලි ප්‍රීති සින්ටා

ඉන්දීය සිනමාවේ බොහෝ රසික රසිකවියන්ගේ ආදරය දිනා ගත් සුරූපී නිලියක් තමයි ප්‍රීති සින්ටා කියන්නේ . ඇයගේ වාර්තා වන නවතම පුවතක් පිලිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන අතර බොහෝ දෙනකුගේ අවධානය ඒ පිලිබදව යොමුව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

අද මුහුණු පොතේ පණිවිඩයක් එක් කරපු ප්‍රීති සින්ටා පවසා සිටියේ, ඇගේ සැමියා වන Gene Googenough සහ ඇය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වුණ බවයි.. එම සුභ ආරංචිය සමාජ මාධ්‍ය තුල පැතිරීමත් සමඟ බොහෝ දෙන ඇයට මෙන්ම ඇගේ ආදරණිය සැමියාට සුභ පතා තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

මෙම දරු උපත surrogacy ක්‍රමය භාවිතා කොට සිදු කරන ලද්දක් වන අතර ඔවුන් ඒ වෙනුවෙන් වෛද්‍යවරු සහ දරු ගැබ දරා සිටි surrogate මවට ස්තුති කොට තිබෙන බවටයි සදහන් වන්නේ .

Jai Zinta Goddenough සහ Gia Zinta Goodenough යන නම් වලි ඔවුන් ගේ අලුත උපන් නිවුන් දරුවන් නම් කොට තිබෙන අතර තම පවුලට පැමිණි ආදරණිය දරුවන් දෙදෙනා සමඟ මේ වන විට ඔවුන් සතුටින් කල් ගත කර තිබෙන බවටයි සදහන් වන්නේ .

ඒ වෙනුවෙන් ඇය තැබූ සටහනයි මේ

Hi everyone, I wanted to share our amazing news with all of you today. Gene & I are overjoyed & our hearts are filled with so much gratitude & with so much love as we welcome our twins Jai Zinta Goodenough & Gia Zinta Goodenough into our family. We are very excited about this new phase in our lives. A heartfelt thank you to the doctors, nurses and to our surrogate for being part of this incredible journey. Loads of love and light – Gene, Preity, Jai & Gia (sic).”

Share Button
More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *