Press "Enter" to skip to content

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ ගැන කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Share Button

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද (08) දින පාර්ලිමේන්තුවේ දී කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව විමසූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ, අදාළ තීන්දුව සම්බන්ධයෙන් සළකා බැලූ ප්‍රධාන ම කාරණය විනය විරෝධී වීම බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුළු නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර හා දේශීය තරඟ තහනමකට ලක්ව සිටිනවා.

ඊට අමතරව ඔවුන්ට මුදල් දඩ ද පැනවූවා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published.