Press "Enter" to skip to content

ඩීසල් මිල වැඩි වුවහොත් බස් ගාස්තු වැඩි වීම වළක්වන්න බැහැ

Share Button

ඉන්ධන මිල ඉහල දැමීමක් මේ මොහොතේ අවශ්‍ය වන්නේ නම් එය ඩීසල් හැර අනෙකුත් ඉන්ධන සඳහා පමණක් සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

පෙර අවස්ථාවේදී ඩීසල් මිල වැඩි කළද බස් ගාස්තු ඉහළ නොදමා එම මිලටම පවත්වාගෙන යාමට පෞද්ගලික බස් හිමියන් කටයුතු කලද, මෙවර එසේ ඩීසල් මිල වැඩි වුවහොත් බස් ගාස්තු වැඩි වීම නොවැළැක්විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

රජයට මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යාවශ්‍ය නම්, අඩුම තරමේ ඩීසල් මිලවත් ඉහල නොදමා පවතින මිලටම පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි දිලුම් අමුණුගම මහතා ඉල්ලා සිටින්නේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *