Press "Enter" to skip to content

සියලු‍ම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

Share Button

සියලු‍ම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන් වලදී සහ බෝධි පූජා සඳහා උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකියි.

කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතිනවා.

එහිදී සෞඛ්‍ය ආරක්ෂිතව සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමේ වගකීම අදාළ ආගමික ස්ථාන භාරකරුවන්ට පැවරෙන බවයි නව මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උත්සව සංවිධානය කරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොලීසිය දැනුවත් කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ විවාහ උත්සවයක් හැර වෙනත් සාද පැවැත්වීම සඳහා අවසර ලබාදී නොමැති බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *