Press "Enter" to skip to content

මගේ පෙම්වතා කලාවට සම්බන්ධ නෑ

Share Button

අපේ කළා ලෝකයේ සුන්දරත්වය අතින් ඉහලම තැනක ඉන්න රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ. ටනාෂා කළා ලොවට පිවිසෙන්නේ ගොඩක් සුන්දර විදියට, ඇයගේ මවගේ හොඳම යෙහෙළියකගේ සැලුන් එකක චායාරූපයක් සඳහා පෙනීසිටින්න ටනාශාට අවස්තාවක් උදාවෙනවා. ඊටපස්සේ ඇය මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාකරගන්නවා, ඉතින් ඒ විදියට කලා ලොවට පිවිසි ටනාෂා මේ වනවිට සිනමාපට නිලියක්, ටෙලිනාට්‍ය නිලියක්, නිරූපිකාවක වගේම නිවේදිකාවක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ටනාෂා දකින බොහෝදෙනා කියන්නේ ඇයගේ රුව ජනප්‍රිය නිලි මියා කලීෆාගේ රුවට සමානයි කියලා.

මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේත් ටනාෂා විසින්. ඉතින් දැන් ලංකාවේම ආදරේ දිනාගෙන ඉන්න ටනාෂා ඇයගේ ආදරවන්තයා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මගේ පෙම්වතා අනුරාධ එයා කලාවට සම්බන්ද නෑ, එයා ව්‍යාපාරිකයෙක්, අපේ ප්‍රේමයට දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අනුරාධ හරිම අහිංසකයි ගොඩක් හොඳයි හැමෝම ගැන හිතන මනුස්සකම තියෙන කෙනෙක් එයා අපි 2023 විවාහ වෙන්න ඉන්නේ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ටනාශාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

Share Button
More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *