Press "Enter" to skip to content

කොරෝනා නිසා මරණ වැඩි වී නෑ

Share Button

ලබන මාසය අවසාන වීමට පෙර පෙරපාසල් දරුවන්ට ද එන්නත් ලබාදී පාසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පාසැල් දරුවන් වසර එකහමාරකට අධික කාලයක් ප්‍රාණ ඇපකරුවන් සේ නිවාස තුළ රඳවා තබා ගන්නට සිදුවීම මෑත කාලයක් කාලයේ දරුවන්ගේ ජීවිතයට සිදු වූ විශාලතම බාධාව යැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වැලිගම ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමිනි.

කොරෝනා බලපෑමක් නොවූ 2019 වසරේ මාතර දිස්ත්‍රික්කයේ මියගිය ජනතාව 5669ක් යයිද පැවසූ ඔහු කොරෝනා පැවැති 2020 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ මියගිය පිරිස 2204ක් යයිද පැවසීය.

එනිසා කොරෝනා නිසා මරණ වැඩිවී නැති බවත් කොරෝනා වලට බිය විය යුතු නැති බව ඔහු සඳහන් කළේය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *