Press "Enter" to skip to content

වුරුදු 15 සිට දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙනවා

Share Button

ස්පුට්නික් v එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීම හෙට (20) සිට ආරම්භ කළ හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

අවුරුදු 15 සිට දරුවන්ට ෆයිසර් එන්නත ලබා දෙන බවත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්වලදී මෙම එන්නත්කරණය සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

දරුවන්ට එන්නරණය ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බවත් ෆයිසර් එන්නත ගබඩා කිරීම හා ප්‍රවාහනයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *