Press "Enter" to skip to content

තවත් එන්නත් මාත්‍රා 1 20, 000ක් කටුනායකට

Share Button

රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් – V ” එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

මුලින්ම රුසියාවේ ස්පුට්නික් – V එන්නත් තොගය , රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

ඉන්පසුව එම එන්නත් තොගය එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 01.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම ” ස්පුට්නික් – V ” එන්නත් තොගය , මහනුවර ප්‍රදේශයේ , එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති ජනතාව වෙත ලබා දීමට නියමිතය .

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *