Press "Enter" to skip to content

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අදත් දිවයිනට

Share Button
   

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී  වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ,  ඇමෙරිකාවේ ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 76,000 ක් , අද දින අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම එන්නත් තොගය කිලෝ ග්‍රෑම් 445 ක් බරැති පෙට්ටි තුළ අසුරා , නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .

ඉන්පසුව , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් , අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

එසේම ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්  රුසියාවේ “ස්පුට්නික් – V” එන්නත් මාත්‍රා 120,000 ක් සහ චීනයේ” සයිනොෆාම් ” එන්නත් මාත්‍රා 40 ලක්ෂයක් ද මෙම සතිය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය .

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *