Press "Enter" to skip to content

3වැනි මාත්‍රාව සදාචාරාත්මක ප්‍රශ්නයක්

Share Button

ලෝකයේ ඇතැම් දියුණු රටවල් බූස්ටර් එන්නත් මාත්‍රාවක් හෙවත් 3වැනි මාත්‍රාවක් ලබාදීම අරඹා තිබුණත්, තවත් රටවල් රැසකට තවමත් පළමු හෝ දෙවැනි මාත්‍රාව පවා ලැබී නොමැති පසුබිමක 3වැනි මාත්‍රාව සදාචාරාත්මක ප්‍රශ්නයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් අවධාරණය කරයි.

හෙතෙම සඳහන් කරන්නේ තවමත් ලෝකයට කොවිඩ්-19 බූස්ටර් හෙවත් 3වැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පවතින්නේද යන්න පිළිබඳ නිශ්චිත දත්ත නොමැති බවයි.

“සමහර රටවල් බූස්ටර් මාත්‍රාවක් ලබා ගැනීමට ඉඩ දී තිබෙනවා. අනෙක් රටවල් සඳහා පළමු හා දෙවැනි වටයටවත් එන්නත් ලබා නොදෙන විට එය සදාචාරාත්මක ප්‍රශ්නයක්” මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *