Press "Enter" to skip to content

හැටන් රෝහලේ උණුසුම් තත්වයක්

Share Button

දික්ඔය මුලික රෝහලෙන් සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට හැටන් ප්‍රදේශයෙන් පැමිණ පිරිසක් අද (25) දින රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව එම රොහලෙන් ලබා ගත් එම පිරිසට අද (25) දින දෙවන මාත්‍රාව ලබා ගැනිම සදහා පැමිණෙන ලෙස රෝහලෙන් කල දැනුම් දිමක් මත පවත්නා නිරෝධායන ඇදිරි නිතිය හමුවේ ත්‍රිරෝද රථ කුලි පදනම මත ලබාගෙන එම පිරිස අද (25) දින උදෑසනම දික්ඔය මුලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

දික්ඔය මුලික රෝහල වෙත එන්නත් ලබා ගැනිමට පැමිණ පිරිසට රෝහල සංචිතයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිමට එන්නත් නොමැති නිසා වෙනත් දිනයක පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරියෙන් කල දැනුම් දිමක් මත මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි පිරිස රෝහල් පරිපාලනය සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කල බවත්, ඒ අනුව නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල සංචිතයේ ඉතිරිව තිබෙන සයිනොෆාම් එන්නත් මාත්‍රා කිහිපයක් එවන බවට පොරොන්දු වු බවත්, එම ඒනනත ලබා ගැනිමට අද (25) දින පස්වරු 2.00 වන තෙක් කැමති අය රැදි සිටින ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත එම පිරිස රෝහල් පරිශ්‍රයේ රැදි සිටිනවා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *