Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව කොළඹ ස්ථාන තුනකදි ලබාදිම අදින් අවසන්

Share Button

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව කොළඹ ස්ථාන තුනකදී ලබාදීම අදින් අවසන් වනවා.

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය හා පී ඩී සිරිසේන ක්‍රීඩාංගනය යන ස්ථානවලයි.

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සදහා සයිනොෆාම් එන්නත ලබා දීම විහාර මහා දේවී උද්‍යානයේදී යළි ආරම්භ කර තිබෙනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාවලබාදීම ද පැය 24 පුරා එහිදී ක්‍රියාත්මක වනවා.

සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව ලබා ගැනීම සදහා විශාල වශයෙන් ජනතාව එන්නත්කරණ මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටියි.

ඔවුන්ගේ මානසික සුවය පතා යුද හමුදා සංගීත කණ්ඩායම විශේෂ සන්දර්ශනයක්ද  පැවැත්වීමට කටයුතු කර තිබුණා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *