Press "Enter" to skip to content

ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකළා කෙරෙයි

Share Button

දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් 11ක් අද උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි හුදකළා කර තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කල බවයි.
ඒ අනුව ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස හුදකලා කර තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ, බ්‍රයින්තුරයිචෙනයි 206 ප්‍රදේශයේ 1 වන හරස් පාර සහ 2 වන හරස් පාර, කාත්තන්කුඩි කොටස 4, දකුණ 5 ප්‍රදේශයේ 164 වසම සහ 164 ඒ වසම, නව කාත්තන්කුඩි කලාපයේ නැගෙනහිර, උතුර සහ දකුණ මෙන්ම කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානියා සුසාන භූමිය හා බීච් පාර ප්‍රදේශවලද නැවත දැනුම්දෙන තුරු හුදකලා නියමය ක්‍රියාත්මකයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *