Press "Enter" to skip to content

පර්ල් හානි තක්සේරුවට අනු කමිටු 5 ක්

Share Button

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සිදු වූ හානි තක්සේරු කිරීම සඳහා අනු කමිටු 5ක් පත් කර තිබෙනවා.
ඒ අනුව රක්ෂණ, ධිවර, පාරිසරික, ආර්ථික සහ නෛතික අනුකමිටු ක්‍රියාත්මක බවයි අධිකරණ අමාත්‍යාංශය දන්වා සිටින්නේ.
එහි ලේකම් එම්.එම් .පී.කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ අදාළ ක්‍ෂේත්‍රය සඳහා නෞකාවෙන් සිදු වූ හානි පිළිබඳ තොරතුරු ලබන මස දෙවන දින දක්වා ඉදිරිපත් කළ හැකි බවයි.එම තොරතුරු 0112445457 ෆැක්ස් අංකයට හෝ reforms@moj.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ හැකි වනවා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *