Press "Enter" to skip to content

වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

Share Button

මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2,093 දෙනා අතුරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම සංඛ්‍යාව 364 ක්.
කොළඹින් 322 ක්, කලුතරින් 292 ක්, මහනුවරින් 190 ක්, නුවරඑළියේ 148 ක් සහ මඩකලපුවේ 136 ක් ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
කුරුණෑගල, යාපනය, කෑගල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 50 කට වැඩි ප්‍රමාණයක් බැගින් වාර්තා වී තිබෙනවා.
විදේශයන් හි සිට පැමිණි විසි දෙදෙනෙකු ද ඊයේ හදුනාගත් ආසාධිතයන් අතර වන බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදන කළේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *