Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 6ක් ගැන ජනපති බලාපොරොත්තුව

Share Button

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්නාම් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව සඳහා මේ වන විට ලොවපුරා මාත්‍රා මිලියන  20ක පමණ අවශ්‍යතාවක් පවතින බවද ජනපතිවරයා සඳහන් කරයි.

Share Button
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *