Press "Enter" to skip to content

පොල් තෙල් සහ පාම් ඔයිල් මිලෙහි වෙනසක් ඇතිවීමට හේතුව ධම්මික පෙරේරා පැහැදිලි කරයි

Share Button

ඇසුරුම් නොකළ පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පොල් සංවර්ධන හා ව්‍යාප්ති නව්‍යකරණය කිරීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසුවේ,

“පොල් වගා කිරීම පිළිබඳ ආයතන තුනක් තිබෙනවා. ආයතන තුනම එක ලෙස දායකත්වය දිය යුතුයි. අදහස් තුනක් එක්ක මේ ගමන යන්න බැහැ. නුවරඑළිය හැර හැම තැනම පොල් හැදෙනවා. ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක් තිබෙනවා. හැම කොට්ඨාසයටම කෘෂි නිලධාරියෙක් ඉන්නවා. ඒ අයට පැළ 200ක ඉලක්කයක දුන්නා නම් අවශ්‍ය තරම් ඉඩ තිබෙනවා. පැළ 10ක් අරගෙන මොනවා කරන්න ද? ඵලදාව වැඩි කරන්න කතා කළාට වැඩක් නැහැ, ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා පුද්ගලික අංශයේ වගාවන් 10ක් හදන්න අක්කර සිය ගණනක විතර. පැළ 64,000ක් පමණයි දෙන්න තිබෙන්නේ. වසර 5කින් වෙළෙඳ දැන්වීම් දායි පැළ විකුණන්න. නිවසටම අරගෙන එයි පැළ. ඒ තත්වයට එනතුරු ඒ ක්ෂේත්‍රය හඳන්න බැහැ. පොල් තෙල්වලට වඩා ඇයි පාම් ඔයිල් අඩු. පාම් ඔයිල් අක්කරයකින් ටොන් එකක් හදනවා. පොල් අක්කර තුනක් යනවා ටොන් එකකට. පොල් තෙල් වියදම 50%කින් වැඩියි. ලංකාව පමණයි ඇසුරුම් නොකළ පොල්තෙල් විකුණන්නේ. අවසන් වන ප්‍රමාණයට පාම් ඔයිල් දානවා. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න වෙනවා ඒ සම්බන්ධව, ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් ඇසුරුම් කරලා වෙළෙඳපොළට දාන්න. ඉන්දියාවෙත් ඇසුරුම් නොකළ පොල්තෙල් විකුණන්නේ නැහැ.”

මෙරට වාර්ෂික පොල් ගෙඩි අවශ්‍යතාව මිලියන 3400ක් පමණ වේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ මෙරට පොල් ඵලදාව ගෙඩි මිලියන 2800ක් විය.

ඉන් 70%ක ප්‍රමාණයක් ගෘහස්ථ පරිභෝජනය සඳහා යොදාගන්නා අතර, සෙසු නිෂ්පාදන සඳහා භාවිත කරන පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 900 ඉක්මවා ඇත.

ඒ අනුව සෑම වසරකදීම පොල් ගෙඩි මිලියන 600ක පමණ අවශ්‍යතාවයක් මතුවන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පොල් පැළ මිලියන 4ක් වගාකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ්‍ය මේ වනවිට සැලසුම් දියත් කොට තිබේ.

එය අනාවරණ වූයේ ඊයේ (15) එම අමාත්‍යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකදී ය.”

Share Button
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *