කුකුළන්ගෙන් මිනිසෙකුට ප්‍රථම වරට ‘එච් 5එන් 8’ නමැති ‘කුරුලූ උණ’ වෛරස් ප්‍රභේදය වැළඳීමේ සිද්ධියක් රුසියාවෙන් වාර්තා වී තිබේ. මෙම කුරුලූ උණ වෛරස් ප්‍රභේදය ඉකුත් දෙසැම්බර් මාසයේ දකුණුදිග රුසියාවේ කුකුළු ගොවිපළක හටගත් කුරුලූ උණ රෝගයේ පැතිරීමත් සමගම ගොවිපළේ සේවය කළ සේවකයන් හත් දෙනකුට කුකුළන්ගෙන් සම්පේ‍්‍රෂණය වී ඇති බව රුසියාවේ මහජන සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානියා වන ඇනා පොපොවා විසින් නිවේදනය කර තිබේ.
මෙසේ කුරුලූ උණ වැළඳුණු ගොවිපළ සේවකයන් හත් දෙනාම මේ වන විට සුවය ලබා සිටින අතර එම උණ රෝගය තවදුරටත් පැතිර යෑම වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගත් බව පොපොවා පවසන්නීය. මෙම කුරුලූ උණ වෛරස් ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට පැතිරෙන ලකුණු පෙන්නුම් කර නොමැති බවත් මෙම සිද්ධිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම් දුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. වෙනත් කුරුලූ උණ වෛරස් ප්රභේදයන් මිනිසාට ආසාදනය වුවද ‘එච් 5එන් 8’ නමැති ප්‍රභේදය මිනිසාට වැළඳුනු ප්‍රථම අවස්ථාව මෙය සේ සැලකේ.
Be First to Comment