කථානායකවරයා ඇතුළු මැති ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු සේවකයන් සඳහා පෙරේදා (13දා) සිදු කළ පී. සී. ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල බොහෝ දුරට අද (15දා) පෙරවරුවේ ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
පන්සියයකට ආසන්න පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළ බැවින් ඒවායෙහි ප්‍රතිඵල ලැබීමට මෙසේ යම් කාලයක් ගතවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කථානායකවරයා, මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු 463 දෙනෙක් පෙරේදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සෞඛ්‍ය අංශ මගින් පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කරනු ලැබූහ.
ඉදිරි සතියේ පාර්ලිමේන්තුව පැවැත්වීම පිළිබඳ සාකච්ඡුා කර තීරණයක් ගැනීම සඳහා කථානායකවරයා සහ පක්ෂ නායකයන් සහභාගි වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පෙරේදා (13 වැනිදා) රැුස්වීමට නියමිතව තිබුණද එය අවලංගු කෙරිණි.
ලබන 18 වැනිදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ එම කාරක සභා රැුස්වීම පැවැත්වීමට නියමිත අතර අද ලැබෙන පී. සී. ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරි සතියේ පාර්ලිමේන්තුව පැවැත්වීම හෝ නොපැවැත්වීම එහිදී තීරණය වනු ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
Be First to Comment