Press "Enter" to skip to content

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

Share Button

ගල්ෆ් කලාපයේ දී තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙත පසුගියදා ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඕමාන් මුහුදු කලාපයේ දී සිදුව ඇති මෙම ප්‍රහාරයන් පිටුපස සිටින්නේ එක්සත් ජනපදය බව පැවසෙන නමුත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධව එක්සත් ජනපදයේ රාජ්‍ය ලේඛම් Mike Pompeo විසින් ඉරානයට දොස් පවරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදය සිය තක්සේරුව සිදු කර ඇත්තේ ප්‍රහාරයන් සඳහා භාවිතා කර ඇති ආයුධ වර්ගය පිළිබඳ පදනම් කරගනිමින් බව වාර්තාවේ.

ඕමාන් ගල්ෆ් කලාප මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකා දෙකක් තුළ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් මුදා ගැනීමට කටයුතු කර ඇති අතර අදාළ නෞකා හිමිකාර සමාගම පවසන්නේ, කොකුකා කරෙජස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු සහ ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *