Press "Enter" to skip to content

අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නේ නෑ

Share Button

අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බවට සඳහන් කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මේ අවස්ථාව වනවිට බලාපොරොත්තුවක් නොමැති බවයි.

මේ අතර පසුගිය දින තුන තුළදී බස්නාහිර පළාතෙන් පිටවන ප්‍රධාන මාර්ග 7 ක් ඔස්සේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හරහා පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව තවත් අනු පොකුරු 17ක් පමණ ඇතිවීමේ අවධානම ව්‍යර්ථ කිරීමට සමත් වූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මාස දෙකකට අධික කාලයක් හුදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය අද අලුයම හයේ සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලය – අභයපුර ග්‍රාමනිලධාරි වසම සහ මුර්ගපුරි ප්‍රදේශය අද අලුයම සිට හුදකලා භාවයට පත් කරන බවයි.

Share Button
More from අවධානය පිණිසයිMore posts in අවධානය පිණිසයි »
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *