මධ්‍යම පළාත සහ බදුල්ල, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ මිලිමීටර් 100ට ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
තද වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකියි. එසේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Be First to Comment