Press "Enter" to skip to content

ඩයලොග් සමාගම විසින් හෝමාගම මූලික රෝහලට තිළිණ කළ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

Share Button

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකිය.

හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරීත්වයකින් යුත් දැඩි සත්කාර ඒකකය විශේෂයෙන්ම කොරෝනා වෛරසය වැනි බෝවන රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර කාර්යක්ෂමව සිදුකිරීමට හැකිවන පරිදි අඩු පීඩන කලාපයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් වලින් සමන්විත අතර, එහි අංග සම්පූර්ණ අති නවීන දැඩි සත්කාර පහසුකම් තුළින්, අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඉහළ නැංවීමට සමත් වෙයි. මෙම සත්කාර්යය හරහා බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත්, දැඩි සත්කාර ඒකකවල වෛද්‍යවරුන්ගේ පුහුණුවට සුවිශේෂී වටිනාකමක් එක් කරමින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමත් අරමුණු කරයි.

Share Button
More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *