Press "Enter" to skip to content

බලංගොඩ රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව හා එක්ස් කිරණ අංශය විවෘතවෙයි

Share Button

බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙමින් බලන්ගොඩ රෝහල් ගත වූ කුරුවිට බන්ධනාගාර සේවකයාට කෝවිඩ් ආසාදනය වී නොමැති බවට පී.සී.ආර්. පරීක්ෂණ තහවුරු වීමත් සමගම බලංගොඩ මූලික රෝහලේ පිරිමි ශල්‍ය වාට්ටුව සහ එක්ස් කිරණ අංශය විවෘත කළ බව එම රෝහල් ආරංචි ප්‍රකාශ කරයි.

මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එම වාට්ටුව විවෘත කිරීමට කටයුතු කළ අතර රෝගීන් වෙත දැඩිව අවවාද ලබා දීමටත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් දැනුවත් කිරීමට පියවර ගත්බව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ. කොතලාවල මහතා සඳහන් කළේය.

කුරුවිට බන්ධනාගාරයේ සේවය කරන රජවක ප්‍රදේශයේ පුද්ගලයෙක් 13 වැනිදා අනතුරකට ලක්ව රෝහලට ඇතුළත් ව ඇති අතර තමාගේ සේවා ස්‍ථානය පිළිබඳ විස්තර හා තමා එක් පරීක්ෂයකට මුහුණ දී ඇති බවත් අද (14) තවත් පරීක්ෂණයකට මුහුණ දීමට ඇති බව දන්වා නොමැති අතර පසුව තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අද (14) දහවල් බලන්ගොඩ මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය පිරිමි වාට්ටුව වසා දැමීමටත්, එක්ස් කිරණ අංශය වසාදැමීමටත් පියවර ගැනුණි. වාට්ටුවේ රෝගීන් 25ක් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 ක්ද, එක්ස් කිරණ අංශයේ 3ක් ඇතුළු 38දෙනෙක් වෙන්කර තැබීමට පියවර ගෙන තිබුණි. එම නේවාසික රෝගීන්ට නිවෙස් වෙතින් ආහාර රැගෙන ඒම තාවකාලිකව නැවැත්වීමටද පියවර ගෙන තිබුණි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *