Press "Enter" to skip to content

උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් අල්ලන්නට යළි අවසර

Share Button

කොරෝනා වසංගතය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් තහනම් කෙරුණු උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා ලබන සඳුදා සිට නැවත අවසර ලබා දීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ලංකාදීපයට පැවසීය.

මෙම අවසරයත් සමගම ඉන්දීය ධීවරයන් සමග සබඳතා නොපවත්වා ධීවර කර්මාන්තයේ යෙදීමට ධීවර කාර්මිකයන් වග බලා ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරු පළාතේ මුහුදේ සිදු කරන ධීවර කටයුතු බොහෝමයක් මෙම වසංගත තත්ත්වය සමග නවතා දැමීමට සිදුවූ බවත් මේ වනවිට සෑහෙන ප්‍රමාණයකට එම තත්වය පාලනය වී ඇති බවත් පැවසූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබාදෙන්නේ කොන්දේසි සහිතව බවත් කියා සිටියේය.
එසේ කොන්දේසි සහිතව අවසර ලබා දෙන ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක සියල්ලේම ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබා දුන් බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් බලපත්‍ර නිකුත් කරන්නේ කිමිදුම් ක්‍රම භාවිතා කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට පමණක් බවත්, සිලින්ඩර් යොදාගෙන ස්කුබා ඩයිවින්ග් ක්‍රමයට මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර නොදෙනෙ බවත් අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මුළුරට පුරා බහුතරයක් රෝගීන් හමුවන ප්‍රදේශ හුදකලා කිරීමට රජය ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා දිය නොහැකි අතර උතුරු මුහුදේ ධීවර කර්මාන්තයට යම් ප්‍රමාණයක අවසර ලබා දී ඇති ස්ථාන වලද සෞඛ්‍ය නීතිරීති උපදෙස් පිළිපැදිය යුතු බවත් දේවනන්දා මහතා කියා සිටියේය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *