Press "Enter" to skip to content

අලුත් රටට අලුත් බෙහෙත් – ක්ලොපිඩොග්‍රෙල් වෙළඳපොළට

Share Button

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත නවතම නිෂ්පාදනය වන ක්ලොපිඩොග්‍රෙල් පෙති USP 75mg ඖෂධය වෙළඳපොළට නිකුත් කෙරේ.

හෘදයාබාධ සහ ආඝාතය ඇතිවීම වැළක්වීම ස‍ඳහා රෝගීන්ට ලබාදෙනු ලබන ක්ලොපිඩොග්‍රෙල් ඖෂධය නිෂ්පාදනය කිරීම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ආරම්භ කළේය.

මෙම ඖෂධය අද දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා සහ විශේෂඥ වෛද්‍ය සරෝජ් ජයසිංහ වෙත පිළිගැන්වීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරි‍ශයේදී සිදු කරනු ලබයි.

ඉදිරියේදී මෙම ඖෂධය වෛද්‍ය සැපයුම් අංශය සඳහා රුපියල් 2.10ක් වැනි මුදලකට ලබා දීමට තීරණය කර ඇත.

මෙම නිෂ්පාදනයට අමතරව මේ දක්වා මෙරටට ආනයනය කරනු ලබන තවත් විශාල ඖෂධ වර්ග ප්‍රමාණයක් සංස්ථාව තුල නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතින අතර ඉදිරියේදි ඒවායෙහි නිෂ්පාදන කටයුතුද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාවේ දේශිය ඖෂධ අවශ්‍යතාවයන්ගෙන් 20‍% පමණ දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනූව මෙය 50‍% ත් 60‍% අතර ඉහළ නැංවීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කටයුතු සලසමින් සිටී.

මෙමගින් මෙරටට ඖෂධ ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය රට තුලම ඉතිරි කර ගැනීමට හැකි වන අතර තත්ත්වයෙන් උසස් ඖෂධ නැවුම්ව ලබා දීමට හැකි වීමද, රැකියා අවස්ථා වැඩි වීමද , රට තුල ඖෂධ නිෂ්පාදනයේ පවතින තාක්‍ෂණික දැනුම ඉහළ යාමද මගින් රටේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලැබෙනු ඇත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *