Press "Enter" to skip to content

නුදුරේදී දෙමව්පියන් වීමේ කැමැත්තෙන් පසුවන බව ප‍්‍රියංකා සහ නික් කියයි

Share Button

බොලිවුඩයේ අලූත විවාහ වූ ජෝඩුව වන ප‍්‍රියංකා චොප්රා සහ නික් ජොනෑන්ස් ඔවුන්ගේ විවාහයෙන් පසු පළමු පාස්කුව පසුගිය 21 වැනි ඉරිදා සමරා තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් ප‍්‍රියංකා විසින් ඇගේ සමාජජාල ගිණුමකට එකතු කර තිබුණා. එහි පළමු පින්තූරයේ ප‍්‍රියංකා නික් සමඟ ආදරයෙන් සිටිනා අවස්ථාවක් ඇතුළත් වී තිබුණා. දෙවැනි ඡායාරූපයේ ඔවුන් දෙදෙනාට අමතරව ප‍්‍රියංකාගේ නැන්දනිය ඩෙනිස් ජොනෑන්ස් ද එකතු වී සිටින ආකාරය දැකගන්නට ලැබුණා.

ඊට අමතරව ප‍්‍රියංකා සහ නික් ඩෙනිස් ට පාස්කු උත්සවය වෙනුවෙන් සෑදූ රස කැවිලි ඇතුළත් තෑගි පාර්සලයක් තෑගි කරන අවස්ථාවක් ද ඇතුළත් වුණා. එහි ප‍්‍රියංකා විසින් සටහන් කර ඇත්තේ ප‍්‍රීිතිමත් පාස්කු උත්සවයක් ඔවුන්ටත් ඔවුන්ට ආදරය කරන සියලූදෙනාටත් ප‍්‍රාර්ථනා කරනා බවයි.

ප‍්‍රියංකාගේ සුන්දරත්වය තවත් වැඩි කරමින් පැස්ටල් පාට ඇඳුමකින් ඇය සැරසී සිටි අතර ඇමෙරිකානු පොප් ගායක නික් දීප්තිමත් නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටියා.

මෑතකදී ටීනා බ්‍රෝන්ස්ගේ කාන්තාවන් පිළිබඳ 10 වැනි ලෝක සමුළුවේදී ප‍්‍රියංකා කතා කරමින් පවසා ඇත්තේ නික් ප‍්‍රියාදර සැමියකු ලෙස ඇගේ ජීවිතය සුන්දර කරන ආකාරයයි. වසර දෙකකට පමණ පෙර ඇයට හමු වූ මේ අපූර්ව මිනිසා

තමාගේ ජීවිතයට එකතු වූ ආකාරය සහ එය සතුටින් පිරවූ ආකාරය ඇය විස්තර කර තිබුණා. ඇය අවසාන වශයෙන් පවසා ඇත්තේ ඔහුත් ඇයත් ඉතාම නුදුරේදී දෙමව්පියන් වීමේ කැමැත්තෙන් පසුවනා බවයි.

ප‍්‍රියංකා මීළඟට හොලිවුඞ් නිර්මාණයක් වන ”ඉස්න්ට් ඉට් රොමෑන්ටික්” සහ බොලිවුඞ් නිර්මාණයක් වන ”ද ස්කයි ඊස් පින්ක්” හි දැකගත හැකිය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *