Press "Enter" to skip to content

නොරොච්චෝලේ අද සිට යළි වැඩ

Share Button

දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද(21) සවස ලබා දීමට හැකි වූ බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.

බලාගාරයේ සමස්ථ ධාරිතාව මෙගාවොට් 900 ක් වන අතර ඉන් පළමු අදියර ලෙස මෙගාවොට් 300 ක ප්‍රමාණයක් අද ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බවත් ඉතිරි මෙගාවොට් 600 ක ප්‍රමාණය එළැඹෙන සඳුදා වන විට නිකුත් කිරීම කළ හැකි වෙතැයි කළමණාකාරවරයා කීවේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ නොරොච්චෝල ලක්විජය බලාගාරයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින කිහිපයක් විදුලි සැපයුම ඇණ හිටීම සම්බන්ධව මාධ්‍ය දැණුවත් කිරීමට එක්වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා සිටියේ පසු ගිය දින කෙරවළපිටිය විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සිදුවූ හදිසි බිද වැටීමක් හේතුවෙන් නොරොච්චෝල ලක් විජය බලාගාරයේ සිසිලන පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්වූ බවයි.

මේ හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන් නැවතී තිබූ බවත්, (21) වන දින සවස වන විට ජාතික විදුලි පද්ධතියට යලි මෙගා වොට්ස් 300ක ධාරිතාවක් පළමු අදියරේ ලබා දීම ආරම්භ කළ බවයි.

ඒ සමගම මෙහි ඉතිරි මෙගා වොට්ස් 600ක ධාරිතාව එළඹෙන සඳුදා වන විට සම්පූර්ණයෙන් ලබා දීමට කටයුතු කරමින් ඇති බවත්, තාක්ෂණික දෝෂය යළි සකස් කිරීම සදහා දේශිය විදුලි ඉංජිනේරුවන්ගේ දායකත්වය පමණක් ලබා ගැනීම සිදුවූ බව හෙතෙම කීය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *