Press "Enter" to skip to content

කැලණි ගඟෙන් ජීව උණ්ඩ තොගයක්

Share Button

නවගමුව කැලණි ගඟ හරහා දොම්පේ ප්‍රදේශයට පිවිසෙන කුඩා පාලම අසළින් කැලණි ගඟට දමා තිබූ ජීව උණ්ඩ තොගයක් මීට සුළු මොහොතකට පෙර සොයාගත් බව නවගමුව පොලිසිය.

පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පැවසීය.

මිලි මීටර් 2.2 , වර්ගයේ ජීව උණ්ඩ 56 , මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 10 හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 4 ක් මෙම මේ වන විට සොයා ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.

තවත් ජීව උණ්ඩ තිබේදැයි සොයා කිමිදුම්කරුවන් යොදා පරීක්ෂණ පවත්වන බව ස්ථානාධිපති වරයා වැඩිදුරටත් පැවසීය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *