Press "Enter" to skip to content

මේ වෙසක් පෝදා නිවසේම රැඳි සිටිමින් නිවස දහම් මණ්ඩපයක් බවට පත්කර ගන්න

Share Button

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කරන වෙසක් පූර්ණිමා පූජා සදහම් වන්දනාව ධර්ම සන්නිවේදනයේ පූරෝගාමී මාධ්‍ය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. 1924 ගුවන්විදුලි ආරම්භ කර සිව් වසරක් ඇවෑමෙන් 1928 අප්‍රේල් 21වන දින මෙරට ජනතාවට පළමු වරට දහම් දෙසුමක ගුවන්විදුලි අත්දැකීම දානය කළේ ජාතික ගුවන්විදුලියයි. මුල්ම ධර්ම දේශකයාණන් වහන්සේ බම්බලපිටිය වජිරාරාමවාසි විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඥාණ නායක ස්වාමීන් වහන්සේයි. එමෙන්ම ශ්‍රීපාදස්ථානය වැනි ශ්‍රීලංකාවේ පිහිටි අතිපූජනීය සිද්ධස්ථානවල සිට මෙන්ම බුදුන් උපන් දේශය වන දඹදිව සිටත් ලක්වැසි ජනතාවගේ පහන් සංවේගය උදෙසා ආගමික වැඩසටහන් ප්‍රථමයෙන්ම සජීවීව විසුරුවා හැරියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වැනි වෙසක් මංගල්‍ය යෙදෙන මැයි 07වැනිදා අලුයම සිට පසුදා අලුයම 5.00 දක්වා පෝදා ආගමික වැඩසටහන් කොල්ලුපිටිය වාළුකාරාම පුරාණ විහාරස්ථානයේ සිටත් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ගෝනපල ඔලබොඩුව ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ සිටත් ස්වදේශීය සේවය, වෙළඳ සේවය යන ප්‍රධාන නාලිකා දෙකක් ඔස්සේත් කඳුරට, රජරට, රුහුණ සහ වයඹ යන ප්‍රාදේශීය සේවාවන් ඔස්සේත් සජීවීව විසුරුවා හරිනු ලැබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන්විදුලි මාධ්‍ය ජාලය වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ එක්වෙමින් දවස පුරා පැවැත්වෙන ධර්ම දේශන, ධර්ම සාකච්ඡා, බුද්ධ වන්දනා, බෝධි පූජා සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් මේ වෙසක් පෝදා නිවසේම රැඳි සිටිමින් නිවස දහම් මණ්ඩපයක් බවට පත්කර ගැනීමට ඔබට අවස්ථාව උදාවී ඇත.

මේ වෙසක් පොහෝදා අපි ජාතික ගුවන්විදුලියත් සමඟ පෙහෙවස් සමාදන් වෙමු.

ස්වදේශීය සේවය
FM 91.7 / 91.9 MHz

 

වෙළඳ සේවය
FM 94.3 / 94.5 MHz

 

කඳුරට සේවය / රජරට සේවය / රුහුණු සේවය / වයඹ රේඩියෝ
FM 107.3 / 107.5 / 90.1 MHz

 

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *