Press "Enter" to skip to content

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති කියයි

Share Button

විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට දැනුම්දී තිබේ.

ඒ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට පිළිතුරු ලෙසයි.

විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේ යැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් බව වාර්තාවේ.

කොවිඩ් -19 වෛරසය පාලනය කර ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයම කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවන ලද ලිපිය මගින් සඳහන් කර ඇත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *