Press "Enter" to skip to content

මුහුණ ලස්සන ගොඩක් අයගේ හදවත ලස්සන නැහැ

Share Button

විවිධ අය විවිධ විදිහට තමයි ලස්සන කියන දේ දකින්නේ. කෙසේ වුවත් බොහෝදෙනා ලස්සනට ජීවත්වෙන්න ගොඩක් ආස කරනවා. ඉතිං අද අපි ලස්සන වීමේ රහස් ගැන කතා කරන්න එකතු කරගන්නෙ කලා ක්ෂේත්‍රයේ සුරූපිනියක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.එමෙන්ම ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ කඩකාරයෝ දෙයක් විදියටයි. ඇය ලෝචනා ඉමාෂි.

හැමදාම ලස්සනට ඉන්න ලෝචනා මොනවගේ දේවල්ද කරන්නේ, මම හිතන්නේ අපි හැමෝම හැමදාම ලස්සනට ඉන්න ඕන. මම ලස්සනට ඉන්න පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. මම නිතර විදේශ ගත වෙන කෙනෙක්. හැබැයි මම ශරීරයට ආලේප කරන දේවල් තෝරා ගන්නේ දේශීය විදිහට විතරයි. උපතින්ම මගේ සම වියළි සමක්. ඒ නිසාම මම නිතරම වතුර බොනවා. තැබිලි බොනවා. පලතුරු පලාවර්ග කෑම වේලට එකතු කරගන්නවා. කැඳ වර්ග ජූස් වර්ග නිතර පානය කරනවා. මේ වගේ දේවල් නිසාම සමේ වියළි බව නැති වෙලා සමේ තෙතමනය රැක දෙනවා. තව ගෙදරදි විවේකයක් ලැබුනහම කෝමාරිකා මද මුහුණේ ආලේප කරනවා. එයින් හොද තෙතමනයක් සමට ලැබෙනවා. සම සුදු කරගන්න ක්‍රීම් වර්ග නම් මම කවදාවත් පාවිච්චි කරන්නේ නෑ. මම පුංචි කාලේ ඉඳන්ම ගාන්නේ බේබි ක්‍රිම්.

බිරිඳක් ලස්සන වූ පමණින්ම පවුල් ජීවිත සාර්ථක වෙනවද, මම හිතන්නේ පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න බලපාන්නේ බිරිඳකගේ කැපවීම, අරපිරිමැස්ම, ඉවසීම, පිලිවෙල, පිරිසිදුකම, අවංකකම වගේ දේවල්. ඒ අතරේ ලස්සන කියන දේ තිබුණොත් තවත් සාර්ථක විදිහට පවුල් ජීවිතය ගත කරන්නත් සතුටින් ඉන්නත් පුළුවන්.

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා ඔබ හිතනවද ,ඔව් මම හිතනවා කාන්තාවක් ලස්සනට ඉන්න ඕන කියලා .හැබැයි කාන්තාවක් ලස්සන වෙන්න ඕනේ බාහිරින් පමණක් නෙවෙයි. අභ්‍යන්තරයෙන් ඒ කියන්නේ සිතුවිලි වලිනුත් ලස්සන වෙන්න ඕනේ. ලස්සනට ඉඳීම තුළින් කාන්තාවකට සමාජය ඉස්සරහ ලැබෙන්නේ වටිනාකමක්. ඇයට ඇගේ පවුල ඉස්සරහ රැකියාව කරන ස්ථානයේ වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා ඒ වටිනාකම ගන්න කාන්තාවක් ලස්සනට ජිවත් වෙන්න ඕනි. ලස්සනට ඉන්න ඕන.

ලස්සන තිබුනොත් ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මෙහෙමයි ලස්සන නිසාම ජීවිතය දිනපු අයත් ඉන්නවා. ඒ වගේමයි ලස්සන නිසාම ජීවිතය අපායක් කරගත්ත අයත් ඉන්නවා. ඒ නිසා තමන් අතේම තමයි තියෙන්නේ තමන්ගේ රූපයට වටිනාකමක් එකතු කරගන්න එක සහ වටිනාකම නැති කරගන්න එක.

මුහුණ ලස්සන හැමෝගෙම හදවත ලස්සනයි ද, නැහැ මුහුණ ලස්සන ගොඩක් අයගේ හදවත ලස්සන නැහැ. අපිට ගොඩක් වෙලාවට සමහරු ආශ්‍රය කරද්දි තමයි එයාගේ හදවත ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. සමහරුන්ගේ රූපය කැත වුණත් ඔවුන්ගේ හදවත ලස්සනයි. මම හිතන්නේ බාහිර පෙනුමෙන් කිසිම කෙනෙක් මනින්න බැහැ. මොකද පෙනුම කියන්නේ හදවත මනින මිනුම් දණ්ඩක් නෙවෙයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *