කාර්යාල දුම්රිය ද ඇතුළුව දුම්රිය ගමන්වාර 43 ක් අද පස්වරුවේ ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.
ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 14 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 4 ක් මෙන්ම කැළණිවැලි මාර්ගයේ දුම්රිය 3 ක් ධාවනය කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව, කාර්යාල දුම්රිය ද ඇතුළුව දුම්රිය ගමන්වාර 43ක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 200 ක් පමණ අවලංගු කෙරුණා.
Be First to Comment