දීප ව්‍යාප්ත දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.
එම රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කළේ වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය වී ඇති බැවින් ‘පිරිසිදු පරිසරයක් – නීරෝගිමත් හෙටක්’ තේමාවෙන් එය එළැඹෙන 20 සහ 21 දෙදින ක්‍රියාත්මක කරන බවයි.
පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 26 දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 19 ක්.
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා තමන් පදිංචි අවට පරිසරය මදුරුවන් බෝ දීප ව්‍යාප්ත දෙදින ඩෙංගු නොවන ලෙස පවත්වා ගැනීමට කටයුතු කරන්නැයි ඩෙංගු මර්දන ජාතික ව්‍යාපාරය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Be First to Comment