Press "Enter" to skip to content

ජනපති කතාවට සභාව කල්තැබීමේ විවාදයක්

Share Button

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව  සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් සමග අද (13දා) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත්බවද මහලේකම්වරයා පැවසීය.

මේ අනුව ජනවාරි 19 වැනිදා ප.ව 1.00 සිට ප.ව 6.00 දක්වා ද  ජනවාරි 20 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා ද රජය ගෙන එන යෝජනාවකට අනුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *