Press "Enter" to skip to content

මන්ත්‍රී තිස්සගෙන් හෙළිදරව්වක්

Share Button

වරාය සතු අක්කර 13ක පමණ භූමිය වත්මන් රජය විසින් චීනයට පැවරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

අද (02) පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කළේ, මෙම ඉඩම පවරාදීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර, ගෑස් සංයුතිය සම්බන්ධයෙන් මෙරට පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාරයක් හැකි ඉක්මනින් ඉදි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී යෝජනා කළා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, ගෑස් අනතුරු සම්බන්ධයෙන් ඊයේ (01) රැස් වූ උපදේශක කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *