Press "Enter" to skip to content

මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අගමැති පවසයි

Share Button

මාධ්‍ය සමග සුහදව වැඩ කිරීම කලාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අගමැතිවරයා මේ අදහස් පළ කර සිටියේ, කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති ඇසිදිසි මාධ්‍ය රක්ෂණ ප්‍රදානය කිරීමේ උත්සවය දීයී.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තමන් කිසිදිනක මාධ්‍යයට කිසිවක් සැඟවූයේ නොමැති බවයි.

මාධ්‍යයට යමක් සැඟවීමට උත්සාහ දරන විට ඒ වෙත සෑම විටම වැඩි අවධානයක් යොමු වන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වෘත්තීය වශයෙන් නීතිඥවරු හැරුණු විට තමන් වඩාත් සමීපව සිටියේ මාධ්‍යවේදීන් සමග බවයි.

එක්තරා අවස්ථාවක චන්ද්‍රිකා ජනාධිපතිනිය තමන් කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණෙද්දී සිදු කළ කතාවක් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිනිය තමන්ට රිපෝටර් කියා ආමන්ත්‍රණය කළ බවයි.

එවිට තමන් කියා සිටියේ තමන් රිපෝටර් නොව එඩිටර් බවයි.

තමා මාධ්‍යයට කියූ දේවල් රජයට අපහසුතාවක් ඇති නොවන පරිදි සංස්කරණය කර කිවූ බවත් ඔහු කියා සිටියා.

තමන්ගේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් තමන් සමග සිටි බවත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බලයට පත් වූ පසු මාධ්‍ය තමන් සමඟ නැති බව පවසමින් චෝදනා කිරීම සිදු නොකළ යුතු බවයි.

මාධ්‍යයට ආණ්ඩු පෙරළා දැමීමත් , තැනීමත් කළ හැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යයට ආණ්ඩුව රැකිය නොහැකිය බවයි.

ආණ්ඩුව රැකගැනීම ආණ්ඩු කරන අයගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළා.

යම් හෙයකින් මාධ්‍ය ආණ්ඩු රැකීමට කටයුතු කළහොත් මාධ්‍යයට මීටත් වඩා ලොකු රක්ෂණයක් ලබා දීමට සිදුවන බවත් ඔහු කියා සිටියා.

එය මාධ්‍යවේදීන් තේරුම් ගත් ගත්තද ආණ්ඩු කරවන අය තේරුම් නොගන්නා බවයි ඔහු සඳහන් කළේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ මාධ්‍ය හරහා සංවර්ධන පුවත් ප්‍රචාරය නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරිය නොහැකි බවයි.

සංවර්ධන පුවත් නැරඹීම්ට පොදුවේ තමන්ද අකමැත්තක් දක්වන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *