Press "Enter" to skip to content

ගුවන්විදුලි සංස්ථාව නව නිවේදක පරපුරක් බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක

Share Button

සුභාවිත බස හසුරුවන නිවේදක නිවේදිකා පරපුරක් බිහිකිරීම උදෙසා ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව අරඹා ඇති “කටහඬට අරුතක්” වැඩසටහන සඳහා වයස අවුරුදු 18 – 30 ත් අතර තරුණ තරුණයන්ට සහභාගි විය හැක. නිවේදක ක්ෂේත‍්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට එය මහඟු අවස්ථාවකි.

මේ සඳහා වන අයදුම්පත් සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයෙන් සහ රුහුණ, රජරට, කඳුරට, වයඹ, දඹාන, යාල් FM, පිරෙයි FM යන ප‍්‍රාදේශීය සේවාවන්ගෙන් ද සංස්ථාවේ නිල වෙබ් අඩවියෙන් (www.slbc.lk) ද ලබාගත හැකිය.

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 20 වනදාය. වැඩි විස්තර අංක 0112696902 දුරකථනය ඔස්සේ ලබා ගත හැක.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *