Press "Enter" to skip to content

සාංචි චේතිය ගිරි විහාරයේ බුද්ධ ප්‍රතිමාවේ රන් ආලේප කෙරේ

Share Button

අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි බෝපාල් සංචි චේතියගිරි විහාරස්ථානයේ හිදුවා ඇති සාරානාත් බුද්ධ ප්‍රතිමාව සම්පුර්ණයෙන්ම රන් ආලේපිත කෙරේ.

වියට්නාම ජාතික භික්කුණි බෝධි චින්තා තෙරණියගේ මුලිකත්වයෙන් සිදු වූ මෙම රන් ආලේපනයට වියට්නාම යේ හොන්චිමින් නගරයේ ටංග් මහතා ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් දායක වුහ.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ රන් ආලේපන කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ලදක් ප්‍රදේශයේ තරුණ බෞද්ධ සිත්තරෙකු වන ටාෂි මහතාය. ඔහු ඒ සදහා දින පහකට අසන්න කාලයක් ශ්‍රමය වය කළේය. එසේම මෙවර වියට්නාම බෞද්ධ සැදැහැවතුන් මෙම පුජෝත්සවය අලංකාර පෙරහරකින් විචිත්‍රවත් කළේය.

මෙම වියට්නාම සැදැහැවතුන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා මහජන පුජෝපහාරයට වඩම්මවා හිදුවිම සදහා සුවිශේෂී ආරක්ෂණ පලිගු මංජුසා දෙකක් ද, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගේ ප්‍රතිමා දෙකක් සහ මිහිදු මාහිමියන්ගේ ප්‍රතිමාවක් ද චේතියගිරි විහාරයට පුජා කළහ.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *