Press "Enter" to skip to content

“සාංචි මේලා” මහාබෝධි මහෝත්සවය ලෙස නම් කරයි

Share Button

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ 1952 දී තැන්පත් කල අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා වාර්ෂික ප්‍රදර්ශන පුජා උත්සවය මෙතෙක් නම් කෙරුනේ සාංචි මේලා යනුවෙනි.

එය 2019 සිට එනම් මෙවර සිට මහාබෝධි මහෝත්සවය ලෙස නම් කිරීමට ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් රජය තීරණය කර ඇත.

සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කර ඇති අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා ගේ භාරකාරත්වය 1952 සිට උසුලන්නේ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයය සහ මාධ්‍ය ප්‍රදේශ් රජයයි.

මේජර් ජනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා සාංචි බිමේදී සොයා ගත් අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා එංගලන්තයට ගෙන ගිය පසු එම ධාතුන් වහන්සේලා ලංකාවට ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කලේ ලංකා මහාබෝධි සමාගමේ දයා හේවා විතාරණ මහතාය.

එවක බෝපාල් මහරාජා වූ නවාබ් සහාබ් සහ ඉන්දීය ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහල් ලාල් නේරු තුමාගේ ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ පුර්ණ දායකත්වය ඇතිව පූජ්‍ය නැඩිගල්ලේ ප්‍රඤ්ඤාතිස්ස නා හිමියෝ එම ධාතුන් වහන්සේලා ඉන්දියාවට වැඩම කරවා සාංචි චේතියගිරි විහාරයේ තැන්පත් කරන ලදී.

එවක පටන් සෑම වසරකම නොවැම්බර් අවසාන ඉරු දින එම ධාතුන් වහන්සේලා මහජන පුජෝපහාරයට තබන ලෙස නේරු තුමාගේ කල ඉල්ලීම අනුව සංචි මේලා උත්සවය ඇරඹිනි.

මහාබෝධි සංගමය ඉටුකරන ලද ඇති විශිෂ්ට සේවය සලකා 2019 සිට මෙම පුජා උත්සවය මහාබෝධි මහෝත්සවය ලෙස නම් කෙරී ඇත.

මහාබෝධි මහෝත්සවයේ අග්‍රශ්‍රාවක ධාතු වහන්සේලා ප්‍රදර්ශන පුජෝත්සවය මෙවර ආරම්භ වුයේ ඉන්දීය මාධ්‍ය රජය සංස්කෘතික සහ සංචාරක අමාත්‍ය Prahald singh patel මහතා මහාබෝධි සංගමයේ සභාපති අතිපුජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ, බෝපාල් රයිසන් දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන නිලධාරි හා මහේස්ත්‍රාත් Umashanker Bnargar මහතා සහ සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමල තිස්ස නා හිමියෝ, වියට් නාම් භික්ෂුණි බෝධි චිත්තා තෙරණියගේ සහභාගිත්වයෙනි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *