Press "Enter" to skip to content

ගොවියගේ ආර්ථිකයත් ඉවරයි රටේ ආහාර නිෂ්පාදනයත් ඉවරයි

Share Button

අද විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුනා .

අද (24) පැවැති මාධ්‍ය හමුවේ දී  සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි

අද රටේ ගොවියා දවසෙන් දවස ප්‍රපාතයට යමින් රටේ ආහාර අර්බුදයත් ජීවන වියදමත් සම්බන්ධව ගෘහනියනට බලපාන ගැටලු රාශියක් අද ඇති වී ඇතැයි පැවසීය .

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

මෙරට නිදහස ලබන කොට 1948 අපිට අවශ්‍ය හාල් වලින් නිෂ්පාදනය කළේ 36% පමණයි .එදා ඩී එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ ආර් ජයවර්ධන, ගාමිණි දිසානායක වැනි නායකයින් සූදානම් වෙලා ගොවීන්ගේ ශ්‍රමයත් ඉදි කරපු වැව් වලින් අද මේ රට සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් වෙලා. එදා අපි ගෙනාවේ චීනෙන් හා වියට්නාමයේ හාල් අද අපි හාල් ගේන්නේ නැහැ පිටරටින් . ආණ්ඩුව නැවත වරක් තමන්ගේ අධිරාජ්‍යවාදීන්ගේ වෙළෙඳපොළ විදියට ලංකාව පත් කරන්න හදනවා. මේ රටේ අනිවාර්යෙන්ම ආණ්ඩුව ගෙනියන අදූරදර්ශී අමනෝඥ ක්‍රියා මාර්ගය නිසා මෙරට සාගතයක් දුර්භික්ෂයක් ඇති වෙනවා. අද මේ රටේ වී ගොවියා ,එළවළු ගොවියා ,තේ ගොවියා, බඩ ඉරිගු ගොවියා ,රබර් ගොවියා ,මේ සියලු ගොවීන් අද විශාල අර්බුදයකට මුහුණ දෙනවා.ලෝකයේ අද තාක්ෂණය දියුණු වෙනකොට ලෝකයේ අභිජනනය කරන ලද බීජ එනකොට ඒ බීජ වලට පොහොර අවශ්‍යයි. මේ ආණ්ඩුව කරන්නේ ඒවා ගැන කිසිම සැලසුමක් නැතුව රසායනික පොහොර ගේන්න ගැසට් එකක් මගින් නැවැත් වීමයි. කාබනික පොහොර ලෝක කිසිම රටක සම්පූර්ණම ක්‍රියාත්මක වෙලා නැහැ .අපිට වඩා මුදල් තියෙන දියුණු තාක්ෂණය තියෙන රටවල් ජපානය ඇමරිකාව ස්විස්ටර්ලන්තය වැනි රටවල් ආහාර ගැන බොහොම සොයා බලන රටවල් කාබනික වෙලා නැහැ. ඒ රටවල් තේරුම් අරන් තියෙනවා එකවර කරන්න බැහැ කියලා.
අපේ මේ නායකයෝ කරන්න බැරි වැඩක් කරන්න ගිහින් අමාරුවේ වැටිලා . ගොවීන් අමාරුවෙ දාලා කෘෂිකර්ම ඇමති තුමා අද මේක ගැන සාකච්ඡා කරද්දී අමාත්‍යංශ ලේකම්වරුන් නිලධාරීන් කිව්වා මේ කරන්න බැරි වැඩක් කියලා කෘෂිකර්ම අමාත්‍යංශයට ලේකම් කුමාර මහත්මයා මේ ගැන කිව්වම ඉල්ලා අස් වුණා .හමුදා නිලධාරියෙක් හිටිය ඒත් විරුද්ධ වුණාම ඉවත් කරා අද ඉන්න අලුත් ලේකම් මහාචාර්ය උදිත කියනවා රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම තීරණය වැරදියි කියලා .අපි මේ කතාකරන්න රසායනික පොහොර, කම්පැනි, ගැන නෙමෙයි අහිංසක ගොවියා ගැන කතා කරන්නේ. ඒ වගේම අද මොකක්ද කරල තියෙන්නෙ මේ රසායනික පොහොර නවත්තනවා කියලා නැනෝ තාක්ෂණයෙන් දියර පොහොර ලංකාවට ගේන්න කටයුතු කරලා මේකත් තවත් මංකොල්ලයක්. ඉන්දියාවෙන් මේ දියර පොහොර ගේන්නේ මේ සම්බන්ධව මෙල්බන් විශ්වවිද්‍යාල ශාක විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සමන් සේනාධීර මහත්තයා කියනවා එය පත්‍ර වලට ගහන පොරක් කියලා .මේකේ වැඩිපුර ශාකයකට පොහොර සහ අවශ්‍ය දේවල් මුලින් යෙදිය යුතුයි එසේ නම් මොකද්ද ආණ්ඩුව කරන්න යන්නේ. වගේම තවත් මහාචාර්යවරයෙක් කියනවා මේක 10 වතාවක් ගැහුවත් එය හරි යන්නෙ නැහැ කියල ඒ විතරක් නෙමෙයි මේකෙ තියනව කොම්පැණියෙන් බෝතලේ ගහපු උපදෙස් පත්‍රිකාවක් එහි තිබෙනවා මේ පොහොර ගන්න මූලික පොහොරක් යොදවන්න කියලා පලමු පොහොර යෙදීම අවස්ථා 25k මේ ගමන පුද්ගලයෝ මේක මූලික පියවරක් විදියට දමන්න කටයුතු කරන දෙවෙනි එක ගහන්නේ දින 60ක් එය උපදෙස් පත්‍රිකාවේ තියෙනවා.

මේ වන විට ගුවන් මගින් ලීටර් ලක්ෂයක් ගෙන්වා තිබෙනවා ඒ රටවල්වල වෙබ් සයිට් එකේ තියනවා පොහොර ලීටර් 1 මිල එය ඉන්දියාවේ ඉන්දියන් රුපියල් 480 මේක ලංකාවට ගේන්නේ ලංකාවේ රුපියල් 1320 තුනෙන් වැඩි කරොත් විශාල මුදලක්. ලංකාවේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා පොහොර ලීටරයක් ගන්නේ රුපියල් 24.90ට ඒ කියන්නේ පොහොර ලීටරයක් රුපියල් රුපියල් පන්දාහක් පමණ වෙනවා 1400 පොහොර ලීටරයක් ඉන්දියාවේ ගෙන්වා ලංකාවට ඇවිල්ල විකුණන්නේ රුපියල් 5000 මේකේ කොමිස් එක විතරක් 65% එයත් තව හොරකමක්. සීනි හොරකම සුදු ලූනු හොරකම් පොල්තෙල් හොරකම ඇන්ටිජන් හොරකම රැසක් සිදුවුනා අලුත් එක තමයි දියර පොහොර හොරකම ඉන්දියාවේ 1400 ටලංකාවට ගෙනල්ලා 5000ට විකුනනවා ඒ පැහැදිලිව පේනවා කවුද මේක ගෙන්වන්නේ ආණ්ඩුවට සම්බන්ධ දෙන්නෙක් භාණ්ඩාගාරයේ මුදල් කෙලින්ම දමා තිබෙන්නේ මහජන බැංකුවේ ටවුන්හෝල් ශාඛාවෙන් ඒ පෙරේරා සහ වීරසිංහ කියන දෙන්නෙක් ගේ ගිණුම් වලට ඒගොල්ලො ඉන්දියාවට ගෙවලා තියෙන්නේ මේකෙන් තුනෙන් එකයි ආණ්ඩුවට කියනවා වහාම පරීක්ෂණයක් කරන්න .අද රසායනික පොහොර ගේන එක නවත්තලා කරපු මෝඩ වැඩ වගේම ඇයි මේක කරන්නේ හොරකම් කරන්න බලාපොරොත්තුවෙන් ආණ්ඩුව අද ගොවියගෙ පොහොර ටික හොරකම් කරන්න අවශ්‍ය කටයුතු කරලා මේවා බොරු නම් ඒ සමාගමේ වෙබ් සයිට් එකට ගියාම පැහැදිලිව තියෙනවා ඒකෙ පොහොර මිල නයිට්‍රජන් 4% මිලි ලීටර් 500 දියර පොහොර බෝතලයක් ඉන්දියන් රුපියල් 240 මේ සමාගමේ මේකෙනුත් හොරකම් කරනවා නයිට්‍රිජන් දියර පොහොර ගෙන්වන එකෙන් ඇති ප්‍රයෝජනයකුත් නැහැ හොරකම උඩටම ගිහිල්ලා මේ රටේ මේ මහාචාර්යවරුන් එය ප්‍රකාශ කර තිබෙනවා මහාචාර්ය වරුන්ගේ සංගමය පැහැදිලිවම කියනවා මේකෙන් ප්‍රතිඵලයක් එන්නේ නැහැ කියලා.

මේ රටට චීන සමාගමක් පොහොර ටොන් ලක්ෂ ගානක් ඇනවුම් කරා මේ සම්බන්ධව ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ අපේ විශේෂඥයෝ පරික්ෂා කරද්දී කිව්වා එහි බැක්ටීරියා වර්ග තියෙනවා කියලා බැසිලස් බැක්ටීරියා එකයි avinia බැක්ටීරියා එම නිසා ගේන්න එපා කිව්වා මේක මේ රටේ ශාක වලට අහිතකරයි නොයෙක් නොයෙක් ලෙඩ රෝග ඇතිවෙනවා. අපිට මතකයි බිබිලේ දොඩම් ටික නැති උනේ මේ වගේ යම් කෘෂිරසායනික ගෙනත් කියලා අපිට ඒ දවස්වල දැනගන්න ලැබුණා පොළොව යම් රෝග ඇති වුණේ 70 දශකයේ පිට රටකින් ආපු යම් බැක්ටීරියා වර්ග නිසා කියලා ජනතාව කතා කරනවා .මේ සම්බන්ධව අපේ ශාක නිරෝධාන මධ්‍යස්ථානය විතරක් නෙමෙයි ජාත්‍යන්තරය ෂටා ආයතනය පරීක්ෂණාගාරයේ තියෙනවා මේකෙ කෝලිෆෝම් කියන අපද්‍රව්‍ය තියෙන බව අද රටේ ගොවිතැන විනාශ වෙනවා. දැනටමත් ඒ චීන සමාගම මේ සම්බන්ධව එල් සි පේපර්ස් ටික එවලා තියෙනවා මෙය බලහත්කාරකම් පටන් ගත්තා විතරයි අධිරාජ්‍යවාදය අපේ ගොවීන් ගැන ආණ්ඩුව ගැන ආණ්ඩුව කල්පනා කරනවා ද ?චීනයේ තර්ජනය ගැන කල්පනා කරනවද? කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. මේ සේරම කරගෙන යද්දි ආණ්ඩුවත් ජනාධිපතිවරයා පත් කර තිබෙනවා කාර්ය සාධන බලකායක් එහි සාමාජිකයන් 14දෙනෙක් සිටිනවා එම කමිටුවේ අටදෙනෙක් පොහොර බෙහෙත් ගෙන්වන කොම්පැණි වල පුද්ගලික අංශයේ අය. හැබැයි මේ අයට බලය පවරලා තියෙනවා මේ රටේ නිලධාරීන් පාලනය කරන්න මේ රටේ ඉන්න කෘෂිකර්ම විශේෂඥයින් රජයේ නිලධාරි සම්බන්ධ කටයුතු කිරීමට වගකීම් පවරලා. ජනාධිපතිතුමනි මේක සාධාරණද? කෘෂිකර්ම ඇමති තුමනි මේක සාධාරණ ද?
මේ කොම්පැනි කාරයන්ට මේ සම්බන්ධව ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්න අවස්ථාව දීලා එය හරියට නරියට කුකුල්ලු බාර දුන්නා වගේ.

අද වෙනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් අසරණ වෙලා ලංකාවට කුකුල් කෑම හදන්න ත්‍රිපෝෂ හදන්න බඩ ඉරිඟු ලක්ෂ හයක් ඕන අපේ ගොවීන් ලක්ෂ තුනක් නිෂ්පාදනය කරනවා එය නිෂ්පාදනය කරන්නේ අනුරාධපුර මොණරාගල සහ අම්පාර ගොවීන් ඒ ගොවීන් මහ කන්නයට ආරම්භ වෙලා ඉවරයි එය හිටවන කාලයක් පහුවෙලා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කරලා දෙන ගොවීන්ට අද මොකද වෙලා තියෙන්නෙ ලක්ෂ තුනක් නිෂ්පාදනය කරන්න අභිජනනය කරන ලද බීජ ටොන් 1500 ක් හැම අවුරුද්දෙම ලංකාවට ගේනවා මේ අවුරුද්දේ මේ පොහොර සහ බෙහෙත් ප්‍රශ්නය නිසා බීජ පිටරටින් ගෙනත් තිබෙන්නේ ටොන් පන්සියයයි අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව 150යි තවමත් අලෙවි වෙලා තියෙන්නෙ බෙහෙත් හා පොහොර නැතුව ගොවීන් එය වවන්න ලෑස්ති වෙන්නේ නැහැ .එහෙනම් ලක්ෂයක් පමණ බඩඉරිඟු ගොවියා විනාශ කරලා ඉවරයි දැන් කියනවා දියර පොහොර තියනවා කියලා මේ දියර පොහොර ගෙනල්ලා කාලය ඉවරයි දියර පොහොර දාන්න කලින් මූලික පොහොර දැමිය යුතුයි මේවා විශේෂඥයින්ගෙන් අහල නෙමෙයි කරන්නේ කොම්පැනි කාරයින්ගෙන් අහලා මේවට කිසිම ලැජ්ජාවක් නැතුව පෞද්ගලික දෙන්නෙක් සමාගමක් අටවගත්ත දෙන්නෙකුට කෝටි ගානක් ආන්ඩුව වියදම් කරනවා ඉන්දියාවට දියර පොහොර ගෙන්නන්න මුදල් යවා තිබෙන්නේ තුනෙන් එකක් විතරයි තුනෙන් දෙකක් හොරකම් කරලා මේක තවත් වංචාවක් සීනි වංචාවෙන් පටන් ගත්තා ආණ්ඩුව මහ බැංකුවෙන් හොඳට වංචා කරලා සුදුලූනු වංචාවෙන් ඇන්ටිජන් වංචාවෙන් පොල්තෙල් වංචාවෙන් හොරා කෑව ඔය දන්න දේවල් විතරයි තවත් දේවල් වලින් ගසා කාපු ආණ්ඩුව අද විශාල වංචාවක් පොහොරවලින් හොරකම් කරනවා. චීන පොහොර වලත් විශාල වංචාවක් පිටිපස්සේ තියෙනවා කියන එක අපි දන්නවා ඉදිරියේදී අපි එය හෙළි කරනවා රජයට සම්බන්ධ විශේෂ පුද්ගලයෙක්ගේ සහෝදරයෙක් තමයි චීන පොහොර ගෙන්වීමේ ඉන්නේ අපිට ආරංචි රජයේ ඉන්න දෙපිරිසක් චීන පොහොර එක කොටසක් එපා කියනකොට තව කොටසක් ගේන්න කියනවා මේ විදියට ගසා කනකොට හොරකම් කරන කොට අපේ අනාගත පරම්පරාවට රටක් ඉතුරු වෙයිද. මේ රට එහෙනම් පලවෙනි අවුරුදු දෙකේ යනකොට මේ රටේ ආර්ථිකය විනාශ කරලා ඩොලර් නැතුව බඩු මිල අහස උසට නැගල තෙල්ටික කෑමට එක ගේන්න සල්ලි නැතුව ආර්ථිකය විනාශ කරලා ඉවරයි රටේ බඩු මිල දෙගුණයක් වෙලා ඉවරයි අනිත් පැත්තෙන් කෝවිඩ් වසංගතයට වෙලාවට එන්නත් ටික නැති නිසා පහළොස් දාහට වැඩිය මියගියා සෞඛ්‍යයත් විනාශයි ඉන්දියාවේ පාරේ එකා පිට එකා මැරුණා කෝවිඩ් වසංගතය නිසා අද එය පාලනය කරලා පාසල් ඇරලා තියෙනවා .රටකහොදම ආයෝජනය අධ්‍යාපනය ළමයි අවුරුදු එකහමාරක් දෙකක් ගෙවල්වල ගොවියා නැත්තට නැති කරා මේ රට ස්වයංපෝෂණය කරපු ගොවියගේ ආර්ථිකයත් ඉවරයි රටේ ආහාර නිෂ්පාදනය ඉවරයි එසේනම් මේ ආණ්ඩුව රටට කරන්න ඕන විනාශය කරලා ඉවරයි .හැබැයි මොන විනාශය උනත් තමන්ගේ සාක්කු පුරවා ගන්න ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. සමගි ජන බලවේගය විදිහට අපි සූදානම් මේ දූෂණ වලට පැමිණිලි කරලා ඒවා ගැන හොයන්න.

පොහොර නැව සම්බන්ධයෙන් මහින්දානන්ද කෘෂිකර්ම ඇමති කිව්වා නැවත ආපහු හර වල ඇරිය කියලා චීනයෙන් කියනවා නැහැ මේක ගිහින් බාන්න කියලා අපි අහන්නෙ ආණ්ඩුවේ දැන් මොකද්ද කරන්නේ අපේ විශේෂඥ පරීක්ෂණාගාර වල ොයා ගත්ත විදියට රටට බීජ පැලවලට අහිතකර මනුෂ්‍ය ජීවිත වලට අහිතකර පොහොර ටික ගන්නවද චීනයේ බලපෑමට පොහොර ටික ගන්නවද කියන එක අපි බලාගෙන ඉන්නවා.

මාධ්‍යවේදියා.
පොහොර නැව රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙයිද ?

එය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ යම් භාණ්ඩයක් ගෙනෙද්දී ණයවර ලිපි ඇරියම පස්සේ ඒ භාණ්ඩ ගෙනෙද්දි භාණ්ඩය තමන්ගේ අදාල තත්ත්ව පරීක්ෂණයට කරලයි ගන්නේ ඒ පරීක්ෂණය සමත් නැත්නම් රටට අයිතියක් තියෙනවා එය නැවත යවන්න අද මොකක්ද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා මේවා හොඳ නැහැ කියලා ආපහු යවලා තියෙනවා එය ලෝකයේ ගනුදෙනුවල ක්‍රමයක්.

මාධ්‍යවේදියා.
තානාපති කාර්යාලවලින් ලියුම් යවනවා ඒ කියන්නේ රාජතාන්ත්‍රික මට්ටමට ගිහින් ඉවරයි.

ආණ්ඩුව හරි කෙලින් කොන්ද කොන්ද කෙලින් තියන් තීන්දුවක් ගත යුතුයි. ආණ්ඩුව කල්පනා කරනවා ද මේ රටේ ගොවියා ගැන මේ රටේ පැළෑටි ගැන රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන කල්පනා කරනවා ද තමන්ගේ අධිරාජයාගේ තීරණයට කටයුතු කරනවද?

මාධ්‍යවේදියා.
දැන් දියර පොහොර ආවා ඔබතුමා කිව්වා ඉන්දියාවේ මිල අඩුයි මෙහෙ අධික මිලකට විකුනනවා කියලා එය ගුවනින් ගේන නිසාද දන්නෙ නෑ.

මොකෙන් ආවද අපි දන්නේ නැහැ ගුවනින් ගෙන්වන්න ඕන කමක් නැහැ සැලසුමක් තිබුණා නම් ඉස්සර නම් පොහොර එනවා අපි දන්නෙත් නැහැ දැන් පොහොර ආවම ඇමතිලා යනවා ගුවන්තොටුපළට පොහොර පිළිගන්න මේ රට ඒ තත්වෙට පත්වෙලා මේ දියර පොහොර සාමාන්‍ය දාන්නෙ පත්‍රිකා වලට පලවෙනි යෙදුම දින 35කින් දෙවැනි යෙදුම දවස් 60කින් හැබැයි ඒ ලේබලයම සමාගමේ උපදෙස් වල තියෙනවා මූලික පොහොරක් යොදලා මේක අමතර පොහොරක් විදියට වැඩියෙන් වර්ධනය කරන්න යොදන පොහොර මමත් ගොවිතැන් කටයුතු කරනවා මගේ වගාවන් තියෙනවා එහි තියෙන අමාරුව ගැන අපි හොඳට දන්නවා.

මාධ්‍යවේදියා.
ඊයේ ජනාධිපතිතුමා දිගු කතාවක් කරමින් කියනවා මම ගත්ත මේ තීන්දුව වැරදිද කියලා මං කාබනික පොහොර වලට ගිය ඒක වැරදිද මේ රටේ අනාගතය ගැන නේද මම හිතුවේ කියලා.

කාබනික පොහොරවලට යන්න හේතුව මොකක්ද කියලා මුලින් කියන්න ඩොලර් නැති නිසාද විදේශ විනිමය සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙන නිසාද ලෝකයේ රටවල් තාක්ෂණයෙන් ඉස්සරහ ඉන්න රටවල් මේක කරන්නේ නැතිනම් ලෝකේ සම්පූර්ණ භූමි ප්‍රමාණය කාබනික මං ගාව තියෙන්නෙ 1.5% සියයට දාසය ට වැඩිය තියෙන රටවල් දාසයයි මේ කරන්න බැරි වැඩ කරන්න ගිහිල්ලා ආණ්ඩුව අමාරු වැටෙනවට අපිට කරන්න දෙයක් නැහැ මේ රටේ ගොවියා අමාරුවෙන් ජීවත් වෙන කොටස ද විශාල ප්‍රශ්නයකට අර්බුදයකට ගොදුරු වෙලා ඒ විතරක් නෙවෙයි තව මාස ගානක් යන විට ආහාර අර්බුදයකට ලක් වෙනවා රටේ නායකයා ආණ්ඩුව රට ගැන කල්පනා කරලා තීරණයක් අරගන්න.

මාධ්‍යවේදියා .
හෙට පාසල් ආරම්භ වෙනවා ගුරුවරු එන්න සූදානම් ඔබතුමන්ලා පක්ෂයක් විදිහට සමගි ජන බලවේගය ආරාධනා කරන්නේ නැද්ද ගුරුවරුන්ට.

අපි වේලාසනින්ම කිව්වා මේ ගුරු ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලා පාසල් ටික අරින්න රටක තියෙන හොදම ආයෝජනය තමයි අධ්‍යාපනය ලෝකයේ අනිත් හැම රටවල් ම පාසල් ඇරලා අපි පරක්කු වුනේ අපි අපේ ආණ්ඩුව මිත්‍යාව පස්සේ ගියා එන්නත් ගේන්නෙ නැතුව ආණ්ඩුව කල් ගත්තා.
ඉස්සෙල්ලා පැණි බිව්වා ඊට පස්සේ මුට්ටි ගගට දැම්මා මං හිතන්නේ තොයිල් නටන්නත් ඇති ඔක්කොම කරලා තමයි බෙහෙත් ගෙන්නුවේ මේක නැවතත් ගල් යුගයට ගිහිල්ලා මිත්‍යාව පිටිපස්සේ ගිහිල්ලා දැනුත් ආන්ඩුවේ නායකයින් මිථ්‍යාමතික පස්සේ යනවා.

මාධ්‍යවේදියා පුවත්පත් සඳහන් කර තිබෙනවා කීරි සම්බා රු.50 කින් දන්නෙම නැතුව ඉහළ ගිහින් කියලා ඔබතුමා හිතන විදියට ඩඩ්ලි සිරිසේනටත් හා මිල පාලනය කරගන්න බෑ වගේද.

මෝල් හිමියන්ට කාට හරි හාල් මිල වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයි ඒ අය ළඟ තොග තියෙනවා නමුත් ප්‍රශ්නය තියෙන්නේ පාරිභෝගිකයාට ආණ්ඩුවක් මොනාටද මේක පාලනය කරන්න බැරිනම් අපේ කාලෙ ගොවි රුපියල් 50 ක වී මිලක් දීලා පාරිභෝගිකයාටත් සාධාරණ මිලකට හාල් ගන්න කටයුතු කරා දැන් ආණ්ඩුව ගැසට් ගැහුවා හාල් මිල පාලනය කරලා ආණ්ඩුවේ ගැසට් එක රිවස් කරගන්නා ගැසට් ගහලා අන්තිමට පාලනය කර ගන්න බරිවෙලා මේකට ආණ්ඩුවක් අවශ්‍ය ද?

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *