Press "Enter" to skip to content

හැම වෙලාවකම මාව දකිද්දි ප්‍රේක්ෂකයාට වුනත් මාව එපා වෙන්න පුළුවන්

Share Button

සරුංගල්’ කියන්නේ කාලයක් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුන සිනමා කෘතියක්. ඉතින් අපි අද කතා කරන්නේ ඒ හරහා ප්‍රේක්ෂකයා අතරට ආව චමත්කා ලක්මිණි නම් සුන්දර රංගන ශිල්පිනිය ගැන. කලාවට අලුත් මුහුණක් උනත් චමත්කා කියන්නේ සිය රංගන හැකියාව මානාව පෙන්වූ තරුණියක්. ඇය ‘හුස්ම’ සිනමාපටය හරහා ඒ බව මනාවට කියා පෑවා.

චමත්කා⁣ගේ පළමු සිනමාව වෙන්නේ සරුංගල්, ඒ ගැන කතා කලොත් මුලින්ම “ඔව් මේ මගේ ජිවිතේ පළවෙන අත්දැකිම කිවොත් හරි. මම නර්ථනය නිරූපණය කරන කෙනෙක් නිසා මට මේ චරිතයට සාධාරණයත් කරන්න පුළුවන් වෙයි ද කියන චකිතයෙන් මම හිටියේ. මොකද ගොඩක් ලොකු බලාපොරොත්තු මට තිබුනේ නෑ. ඒත් හිතපු නැති විදිහට මේ නිර්මාණය සාර්ථක වුනා.”

ඔබ කවදාහරි රංගනයට එන්න හීන දැක්කද, “මම කලාවට මුලින්ම එන්නේ නර්ථනයෙන්. ඒ 2015 වර්ෂයේ. ඊට පස්සේ බොහෝ දෙනෙත් අදුරගන්නවත් එක්ක මම නිරූපණයට සම්බන්ධ වෙනවා. ඒකෙන් පස්සේ මම වෙළඳ දැන්විම් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හරහා තමා මගේ ගමන ආරම්භ වෙන්නේ.”

ඉදිරියේදි ඔබට ලැබෙන නිර්මාණ වලට විවේචන එල්ලවුනොත්, “සමහර විට ඔය කතා කරන්නේ මම රඟපෑව වැඩිහිටියන්ට සීමා වුන චරිත⁣ ගැන වෙන්න ඇති. ලංකාවේ සාම්භාව්‍ය සිනමා කෘති බොහෝමයක් වැඩිහිටියන්ට සීමා වුන චරිත වලින් යුක්තයි. ඉතින් මම හිතන විදිහට මම දකින විදිහට ඒකෙ වැරැද්දක් නෑ. මම වුනත් තිරපිටපත හොදනම් නිර්මාණයට සම්බන්ධ වෙනවා. සමහර විට මම අලුත් නිසාම මට විවේචන ලැබෙයි. මම ඒවා භාරගන්නත් ලෑස්තියි. මොකද සාර්ථක චරිතයකට ගුණ වගේම දොස් කියන දේවලුත් එන්න ඕන.”

පුංචි තිරයට එන්න ආසාවක් කැමැත්තක් නැද්ද, “ආරාධන ලැබෙනවා. ඒත් මම කැමති නෑ. මොකද මම මගේ තත්වය තියාගෙන ජිවත් වෙන කෙනෙක්. හැම වෙලාවකම මාව දකිද්දි ප්‍රේක්ෂකයාට වුනත් මව එපා වෙන්න පුළුවන්. මම ඒකට කැමති නෑ. ඉතින් සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි ඒ සියල්ලට සහභාගිවෙන්න බලාපොරොත්තු වෙනවා.” කියලයි. ඉතින් ඔබ අප හැමෝම ආසාවෙන් නැරඹු ‘හුස්ම’ සිනමා පටය හරහා අප හැමෝගෙම ආදරේ දිනාගත් චමත්කා දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

 

Share Button
More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *